image

සාදරයෙන් පිළිගනිමු

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

යනු ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් සිය කාර්යයන් ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයයි. අනෙකුත් කාර්යයන් අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන්ට ප්‍රතිකාර ලබා දීම සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි ප්‍රධාන කාර්යභාරයන් වේ. කොළඹ, මහනුවර, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි අවධානයක් යොමු කරමින් රට පුරා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් පවත්වනු ලැබේ. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා උපදේශන සේවා සහ නේවාසික ප්‍රතිකාර පහසුකම් සපයනු ලැබේ.


මත්පැන්, මත්ද්‍රව්‍ය නොමැති ජීවිතය ඉතා ලස්සනයි

(Jim Carrey)

NDDCB ප්‍රතිකාර මධ්‍යස්ථාන

මෙම ඒකකයේ ප්‍රධාන වගකීම වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ සහාය දීම ය.

තලංගම

"තලංගම" ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය 172, ශාන්ති මාවත තලංගම

දුරකථන: +94 11 2788090
ෆැක්ස්: +94 11 2788090
විද්‍යුත් තැපෑල: sethsevana@nddcb.gov.lk



නවදිගන්තය

“නවදිගන්තය” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඌරාපොල, නිට්ටඹුව

දුරකථන: +94 33 2283060
ෆැක්ස් +94 33 2283060
විද්‍යුත් තැපෑල : navadiganthaya@nddcb.gov.lk


ගාල්ල

“ගාල්ල” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය උණවටුන ,ගාල්ල

දුරකථන: +94 91 2224443
ෆැක්ස්: +94 91 2224443
විද්‍යුත් තැපෑල: mithsevana@nddcb.gov.lk



නුවර

“නුවර” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මාම්පිටිය වත්ත, හන්දෙස්ස පේරාදෙණිය

දුරකථන: +94 81 2315504
ෆැක්ස්: +94 81 2315504
විද්‍යුත් තැපෑල: methsevana@nddcb.gov.lk



image