image

නිවාරණ අධ්‍යාපන හා පුහුණු ඒකකය

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය දුර්භාවිත ව්‍යාප්තිය අවම කිරීම සහ මත්ද්‍රව්‍ය මඟින් ඇති වන හානිය අවම කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත පැවරී ඇති වගකීම ඉටු කරලීම සඳහා නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය තම සක්‍රීය දායකත්වය ලබා දෙනු ලැබේ. දිවයින තුළ පවතින මත්ද්‍රව්‍ය ගැටළුව සඳහා විසඳුම් සොයනු වස් නිවාරණය, සමාජ ආකලනය සහ තිරසර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම සඳහා තුලනාත්මක සහ පුළුල් ප්‍රවේශයන් සහිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි. ඒ අනුව “අපි ගුණාත්මක අධ්‍යාපනය හා පුහුණුව තුළින් මත්ද්‍රව්‍ය දුර්භාවිතාව අවම සහ නිවාරණය වූ ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා මිනිසුන් බලගන්වන්නෙමු ” යන තේමාව පෙරදැරි කරගනිමින් සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක සහ ගුණාත්මක නිවාරක අධ්‍යාපනික වැඩසටහන් වාර්ෂිකව දියත්කරන්නෙමු. ඒ අනුව ප්‍රධාන ධාරාවන් හයක් ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි තම ප්‍රවේශයන් සිදූ කරනු ලබයි.


පාසැල් පදනම් කරගත් මත්ද්‍රව්‍ය නිවාරණය

මත්ද්‍රව්‍ය නිවාරණය වඩා සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි ප්‍රධාන ස්ථානයක් වනුයේ පාසලයි. මත්ද්‍රව්‍ය දුර්භාවිතය සඳහා වැඩි වශයෙන් යොමුවන කාල සිමාව පාසල් වයස් සිමාව වන බැවින් එලෙස යොමුවීම වැලැක්වීමේ ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු අවස්ථාව වන්නේද පාසල් සමයයි. එනම් මේ සඳහා පවතින වඩා සාර්ථක විසඳුමක් වනුයේ ජාතික මට්ටමින් සියලූම පාසල් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකි. පාසල් පාදක මත්ද්‍රව්‍ය වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් වනුයේ වැඩසටහනෙහි ඵලදායීතාවයයි. මෙය දරුවාගේ පාසල් කාලසීමාව යොදාගනිමින් ක්‍රියාවට නංවන වැඩසටහනක් වන බැවින් වැඩසටහන දරුවා කෙරෙහි ධනාත්මකව බලපෑම් කරමින් අපේක්ෂිත ප්‍රතිඵල කරා ළඟාවන වැඩසටහනක් වීම අනිවාර්ය වේ. මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැලැක්වීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා සහ වටිනාකම් පාසල් ප්‍රජාව තුළ සංවර්ධනය කරමින් සෞඛ්‍යමත් සහ ආරක්ෂිත දරුපරපුරක් බිහි කිරීම අරඹයා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් “ශික්ෂා” පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හදූන්වාදී ඇත. මෙම නිවාරණ වැඩසටහන ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ පාසල් පද්ධතියේ සියළු පාර්ශවයන් ආවරණය පරිදි දිගූකාලීන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වනු ලබයි.

තාරුණ්‍යය පදනම් කරගත් මත්ද්‍රව්‍ය නිවාරණය

ඵලදායි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් තරුණයින් හට දැනුම නතුකර ගැනීමටත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ ආකල්ප හා කුසලතා අත්පත් කර ගැනීමටත් සහයක් ලබා දෙයි. තරුණ පරපුරේ බිඳවැටීම් හා ඇදවැටීම් සිදුකරන කවර සාධකයක් හෝ වර්ධනය නොවීමට, සමාජයක් රටක් වශයෙන් වගබලා ගත යුතු වෙමු. ඒ සඳහා ඔවුන්ට ගැළපෙන මඟපෙන්වීම් හා අගය කිරීම් ලබාදිය යුතු අතර නිවැරදි හා ගැළපෙන මැදිහත්වීම් යොදා ගැනීම වැදගත් වේ. තරුණ ප්‍රජාව පාදක කොට මත්ද්‍රව්‍ය නිවාරණයේ වැදගත්ම සාධකයක් ලෙස තරුණ ප්‍රජාවගේ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා බලපානු ලබන අවදානම් සාධක මෙන්ම ආරක්ෂාකාරී සාධක හඳුනාගැනීම සහ එම කරුණු අරමුණු කරගනිමින් ප්‍රවේශයන් සිදුකිරීම අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ අනුව අවදානම් සාධක අවම කිරීමටත් ආරක්ෂාකාරී සාධක වර්ධනය කිරීමටත් අවශ්‍ය කෙටි කාලීන හා දිගූ කාලීන සැලසුම් සහ මැදිහත්වීම් “Future Gen.” වැඩසටහන ඔස්සේ සිදු කරනු ලබයි.

පවුල පදනම් කරගත් මත්ද්‍රව්‍ය නිවාරණය

පර්යේෂණ වාර්තාවන්ට අනුව පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවීමට පවුල නැමැති සාධකය දිගුකාලීන ලෙස බලපෑමක් සිදුකරන වග පෙන්වා දෙනු ලබයි. එසේම මත්ද්‍රව්‍ය හා අනෙකුත් අපගාමි චර්යයාවන් ගෙන් ඈත්ව නිවැරදි චර්යාත්මක පුද්ගලයෙකු බිහිකිරීම සඳහා ද පවුල ප්‍රධාන සාධකයක් වනු ඇත. ඒ අනුව කුසලතා පාදක පවුල් පුහුණු වැඩසටහනක් තුලින් ආරක්ෂාකාරී, ධනාත්මක පවුල් සාධකයන් වර්ධනය කිරීම සිදුවනු ඇත. මුලික වශයෙන් ඉහත සඳහන් කළ ආරක්ෂාකාරී සාධකයන් වර්ධනය කරමින් සහ අවදානම් සාධකයන් අවම කිරීම සඳහා මෙම කුසලතා පාදක කර ගත් පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මකවනු ලබයි. දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු කිරීමේ වැඩසටහන් ආදී දිගූ කාලීන හා කෙටි කාලීන අරමුණු ලඟා කර ගනිමින් දීපව්‍යාප්තව සිදූ කරනු ලබයි.

විශාල සේවා ස්ථාන පදනම් කරගත් මත්ද්‍රව්‍ය නිවාරණය

සේවකයින්ගේ මත්ද්‍රව්‍ය ගැටලුව පුද්ගලයාගේ කාර්යක්‍ෂමතාවය, චිත්ත ධෛර්යට හා ආයතනයේ ඵලදායීතාවයට බලපානු ලබයි. සේවයට නොපැමිණීම, වැඩ පමාවීම, අනතුරු, අසනීප නිවාඩු, අතිකාල ගෙවීමට සිදුවීම මෙන් ම නිෂ්පාදනය අවම වීමට ද හේතුවේ- කළමණාකාරීත්වයට ගැටලු ඇති වීම, උපකරණ වලට හානි වීම, සේවකයන් අතර ගැටුම් ඇති වීම, දුර්වල තීන්දු තීරණ ගැනීම, ආයතනය පිළිබඳ ප්‍රතිරූපයට හානිවීම, පුද්ගල හැසිරීම අයහපත් වීම වැනි බොහෝ ගැටලු සේවකයින්ගේ මත්ද්‍රව්‍ය දුර්භාවිතය තුළින් සිදුවේ. හොඳින් පුහුණු වූ සේවකයකු බිහිකිරීමට එම ආයතනයට කාලය හා විශාල ධනයක් දැරීමට සිදුවන නමුත් ඉහත පෙන්වා දුන් ලෙසට පුහුණු ශ්‍රමිකයෙකු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුවහොත් ගැටලු රැසකට ආයතනය පත්වේ. රැකියා, මාරක අනතුරු වලින් 15% -30% පමණ ප්‍රමාණයක් මධ්‍යසාර භාවිතය හේතු වී ඇති බව පෙන්වා දේ. මේ අනූව රැකියා ස්ථානවල මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ නොයෙදෙන පිරිස් මත අධික ලෙස වගකීම් පැවරෙන බවක් දක්නට ලැබේ. ආයතනයක් ගත් විට එහි බහුතරයක් මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ නොයෙදෙන පිරිස වේ. ඔවුන් එම තත්වයේම තබා ගැනීමට ආයතන යම් ප්‍රාථමික නිවාරණ වැඩසටහනක් දියත් කළ යුතුය. ඒ අනුව ආයතනික මට්ටමෙන් මත්ද්‍රව්‍ය නිවාරණය ආශ්‍රිත ප්‍රතිපත්තීන් සම්පාදනය හා බලගැන්වීම් සිදුකිරීමටත් සේවකයින් සදහා අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීමත් මත්ද්‍රව්‍ය නිවාරණය හා ආශ්‍රිත මැදිහත්වීම් සදහා නිලධාරීන් පුහුණු කිරීම් සිදු කරනු ලබයි. .

  • රජයේ නිලධාරීන්
  • ඔවුන්ගේ පරිපාලන පද්ධතිය සමඟ මුළු රටටම ප්‍රවේශ වීමේ බලය ඇති රට තුළ රාජ්‍ය අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මත්ද්‍රව්‍ය නිවාරණයට ප්‍රවේශවීමේ මෙම බලය භාවිතා කිරීම සහ රජයේ නිලධාරියාගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිවාරණ අධ්‍යාපන හා පුහුණු ඒකකය විසින් දිවයින පුරා ව්‍යාප්තව සිටින ග්‍රාම නිලධාරි, සමෘධි නිලධාරි, සංවර්ධන නිලධාරීන් සහ රජයේ ක්ෂේත්‍රයේ සේවය කරන අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් ගණනාවක් පවත්වා ඇත

  • නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා වැඩසටහන්
  • මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සැපයුම් අඩු කිරීම සහ ඉල්ලුම අඩු කිරීමේ ප්‍රවේශයන් දෙකම අවශ්‍ය බව හඳුනාගෙන ඇත. ඔවුන්ගේ සේවාවේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේදී නැගී එන මනෝචිකිත්සක ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ වර්තමාන ප්‍රවණතා අත්‍යවශ්‍ය වේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ මෙම ගැටළු විසඳීම සඳහා නිවාරණ අධ්‍යාපන හා පුහුණු ඒකකය ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගු සහ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තිදෙනෙකු සඳහා වැඩසටහන් මාලාවක් දියත් කළේය.

    ප්‍රජා වැඩසටහන්

    නිවාරණ අධ්‍යාපන හා පුහුණු ඒකකය ප්‍රජාව සඳහා මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩසටහන් පවත්වනුයේ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමේ අරමුණෙනි. බිම් මට්ටමේ ප්‍රජාව සඳහා මත්ද්‍රව්‍ය අධ්‍යාපනය ලබා දීමෙන් ද ඒවා ආශ්‍රිත ගැටළු සාර්ථකව කළමනාකරණය කිරීමේදී ඵලදායී ප්‍රතිඵල ජනනය වන බව පර්යේෂණවලින් සනාථ වේ. ප්‍රජාව තුළ ජීවත්වන පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් කෙරෙහි වැඩි බලපෑමක් ඇති බව සැලකිය යුතු කරුණකි. එසේම ඔවුන්ගේ සාමාජිකයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති බැවින් ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමට තරම් බලයක් ඇත.

    ප්‍රජා වැඩ සටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ද්‍රව්‍යමය අත්හදා බැලීම් හා භාවිතය සඳහා මිනිසුන් යොමු කරන පාරිසරික සාධක සහ සමාජ බලපෑම අවම කිරීමයි. මීට අමතරව, ප්‍රජාව සම්බන්ධ කර ගන්නා පුද්ගලයින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු වලින් වැළකී සිටීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් දිරිගැන්වීමට බල ගැන්වීම මෙහි අරමුණයි.

    ප්‍රදර්ශන

    මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රදර්ශන යනු කාලය හා පිරිවැය ඵලදායී ලෙස යොදාගනිමින් විශාල කණ්ඩායමකට පණිවිඩයක් යැවීමේ ක්‍රමවේදයකි. මෙහිදී පෝස්ටර්, බැනර් සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ පණිවිඩ සහ තොරතුරු අඩංගු පත්‍රිකා මහජනයා අතර බෙදා දෙන ලදී.

    මාධ්‍ය පාදක කර ගත් මත්ද්‍රව්‍ය නිවාරණය

    ජනමාධ්‍ය ජනතාව වෙත යම් යම් පණිවිඩ හා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ගාමක බලවේගය වන අතර එතුළින් විශාල කණ්ඩායමක් එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාව පවතී. ඒ අනුව සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය යන ප්‍රධාන පැතිකඩයන් තූල වූ සෑම අංශයක් ඔස්සේම මත්ද්‍රව්‍ය නිවාරණය ආශ්‍රිත වූ මැදිහත්වීම් සිදු කරනු ලබයි. පාරිසරික පාදක මත්ද්‍රව්‍ය නිවාරණය මත්ද්‍රව්‍ය නිවාරණය තූල ප්‍රධාන අංගයක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය පෙන්වාදිය හැකිය. මෙම ප්‍රතිපත්තීන් හරහා අවශ්‍ය මැදිහත්වීම් සහ බලගැන්වීම් සිදුකිරීමටත් අවශ්‍ය නෛතික රාමුව ඇති කිරීමටත් ඉවහල් වනු ඇත. ඒ අනුව පාරිසරික පාදක මත්ද්‍රව්‍ය නිවාරණය ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණය ආශ්‍රිත වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මැදිහත්වීම සහ මතින් නිදහස් ආදර්ශ පාරිසරික ත්ත්වයන් ඇති කිරීම බලාපොරොත්තූ වන අතර මේ අරඹයා “සහකම්පන” නම් දිගූ කාලීන වැඩසටහන ක්‍රියාත්මක වනු ලබයි.

    නිවාරණ සම්බන්ධීකාරක

    අංකය නිලධාරියාගේ නම තනතුර ස්ථානය ජංගම දුරකථන අංකය විද්‍යුත් තැපැල් ලිපිනය
    1 ප්‍රදීප් කොහොලානේගෙදර මහතා AD ප්‍රධාන කාර්යාලය 071 4539835 koholanegedara@gmail.com
    2 ප්‍රියදර්ශනී රත්නායක මෙනෙවිය EIO ප්‍රධාන කාර්යාලය 071 5667669 Priya1980104@gmail.com
    4 චාමර ප්‍රදීප් මහතා EIO ප්‍රධාන කාර්යාලය 071 4847243 chamara.nddcb@gmail.com
    5 ජේ.ඒ.ඩී චන්දිමා ජයකොඩි මිය EIO ප්‍රධාන කාර්යාලය 071 8184343 Chandimajayakodi3@gmail.com
    6 එච්.එම්. රණසිංහ මහතා EIO ප්‍රධාන කාර්යාලය 071 8544442 hmranasinghe@nddcb.gov.lk
    7 ඉනුෂා හෙට්ටිආරච්චි මිය EIO පුත්තලම් දිස්ත්‍රික්කය 071 9273243 076 6504402 inushahetti@gmail.com
    8 සෙව්වන්දි ජයකොඩි මිය EIO කුරුණගල දිස්ත්‍රික්කය 076 7448836 Ireshas2016@gmail.com
    9 තිලිනි වීරසේකර මහත්මිය AEIO රත්නපුර දිස්ත්‍රික්කය 071 8549291 077 1861903 Thiliniweerasekara07@gmail.com
    10 හර්ෂනි ආරියරත්න මහත්මිය AEIO ගම්පහ දිස්ත්‍රික්කය 075 8288719 harshaniariyarathne@gmail.com
    11 චාමලී ජීවන්ති මිය AEIO කළුතර දිස්ත්‍රික්කය 075 8282541 076 1770684 Jeewanthi.bc@gmail.com
    13 ඉසුරිකා නදීෂානි මිය AEIO ගාල්ල දිස්ත්‍රික්කය 071 6970229 Nadeeshanirathnayake1@gmail.com
    14 කේ.එච්. මහේෂි මධුෂානි මිය AEIO කොළඹ දිස්ත්‍රික්කය 071 8549283 076 5377724 maheshi.sheram@gmail.com
    15 රෂාඩ් මහතා AEIO අම්පාර දිස්ත්‍රික්කය 076 7191119 mmgbmrashad@gmail.com
    16 දිල්හාරා වරාගොඩ මිය AEIO ගම්පහ දිස්ත්‍රික්කය dilharawaragoda@gmail.com
    17 ප්‍රියන්ති හේවගේ මිය AEIO
    18 ඩබ්ලිව්.ජී.එස් උදාන මහතා DEIA ප්‍රධාන කාර්යාලය 071 8555854 wgs.udana.123@gmail.com
    19 සහන්ගි අල්විස් මහත්මිය DEIA ගාල්ල දිස්ත්‍රික්කය 077 4736090 Sahangee.alwis@gmail.com
    20 L.A.C විජරත්න යාපා මහත්මිය DEIA මාතර දිස්ත්‍රික්කය 071 2187620 Lindaanupama1984@gmail.com
    21 සුරංගි නාවලහේවගේ මහත්මිය DEIA හම්බන්තොට දිස්ත්‍රික්කය 071 9069706 077 0152539 suranginawalahewage@gmail.com
    22 දුල්ෂානි තාරකා මිය DEIA කොළඹ දිස්ත්‍රික්කය 071 4539844 dmahanama1988@gmail.com
    23 ඩබ්ලිව්.එම්. ත්‍රිෂ්නිකා විජේකොන් මිය DEIA මහනුවර දිස්ත්‍රික්කය 070 2027875 070 2187481 trishniyw@gmail.com

    සමීක්ෂණ වාර්තා

    1. සමීක්ෂණ වාර්තාව නිවාරණ අධ්‍යාපන හා පුහුණු ඒකකය ජනවාරි 202rnew


    ඩිජිටල් යෝජනා - Click here